සර්වඥ ධාතුන්වහන්සේ විදු බිමට
කපිල වස්තු සර්වඥ ධාතු ප්‍රරදර්ශණය 2012.08.31 සහ 2012.09.01 යන දිනයන් හි වාරියපොල ශ්‍රි සුමංගල විහාරස්ථානයේ පවත්වනු ලැබීය. මේ සදහා බොහෝ ප්‍රදේශ වලින් විශාල බැතිමතුන් පිරිසක් සහභාගී විය.
සර්වඥ ධාතුන්වහන්සේ ගම්පොල සිට වාරියපොල නගරයට වැඩම කරන ලද හෙලිකොප්ටරය වාරියපොල පොලිස් ක්‍රිඩාංගනයට ගොඩබැස්සවීමට සියලු කටයුතු සැලසුම් කර තිබූ නමුදු යානය ගොඩබැස්සවීමට එහි ඉඩකඩ ප්‍රමානවත් නොවු හෙයින් ඥානෝදය විද්‍යාලයේ ක්‍රිඩාංගනයට යානය ගොඩබස්සන ලදී. මේ අවස්තාව වන විට විද්‍යාලයට දැඩි ආරක්ශාවක් ලබා දී තිබු අතර මෙම අවස්තාව නැරබීමට පාසල අවට ප්‍රදේශවාසීන් බොහෝ පිරිසක් එතනට පැමිනියහ.
ධාතුන්වහන්සේ රැගෙන ආ SMH - 588 ගුවන් යානය
සර්වඥ ධාතුන්වහන්සේ ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පිරිවෙන වෙත වැඩම කරන ලද අතර එම අවස්තාව සදහා වාරියපොල ගරු සභාපතිතුමන්, ගරු එස්.බී. නාවින්න මැතිතුමන්, ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමන්, ගරු ටී.බී. ඒකනායක මැතිතුමන්, ගරු ඩී.බී. හේරත් මැතිතුමන් ඇතුලු විශාල පිරිසක් සහභාගී විය.
ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් ප්‍රදේශවාසීන් සමග
සර්වඥ ධාතුන්වහන්සේ නැවත මාතර නගරයට වැඩම කිරීම සදහා 2012.09.02 වන දින නැවත හෙලිකොප්ටර් යානය ඥානෝදය ක්‍රිඩාංගනයට ගොඩබාන ලද අතර ධාතුන්වහන්සේ දැඩි රැකවල් මධ්‍යයේ නැවතත් සුමංගල පිරිවෙන් විහාරස්ථානයේ සිට ඥානෝදය විද්‍යාලය වෙත වැඩම කරන ලද අතර හෙලිකොප්ටර් යානය මගින් ධාතුන්වහන්සේ මාතර ප්‍රදේශයට ගෙන යනු ලැබීය.
2012.09.02 දින හෙලිකොප්ටර් යානය පැමිණි පසු
ITN - හසන්ත හෙට්ටිආරච්චි මහතා හෙලිකොප්ටර් යානය නියමුවන් සමග
වාරියපොල ගරු සභාපතිතුමන්, ගරු එස්.බී. නාවින්න මැතිතුමන් සමග ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන්
ධාතුන්වහන්සේ රැගෙනයාම සදහා හෙලිකොප්ටර් යානය පාසලට ගොඩ බැස්සවීම
දැඩි ආරක්ශක රැක්වල් මධ්‍යයේ ධාතුන්වහන්සේ හෙලිකොප්ටරය මගින් රැගෙන යන ආකාරය
ඡායාරූප සහ රූ ගත කිරීම - ලාලිත වික්‍රමරත්න
Read more