පාසල් ගීතය

හෙල ඉතිහාසේ නිරතුරු දිදුලන
රන් අකුරෙන් ලියවේ
විදු මෑණී ඔබ ශ්‍රි ඥානෝදය ජය ශ්‍රි නාමය වේ..........
අපරාජිත් විදුබිම වේ..........

ඉන්දිය සයුරේ සදහම් දීපයේ
ජය සංඛ නද දී දෑ අභිමානයේ
පියෙන් පියට අප නිරතුරු දිදුලන
ආලෝකය ඔබ වේ..........
අප ආලෝකය ඔබ වේ..........

යහගුණ සපුරා විදුනැණ විහිදුවා
රට ජාතිය පුබුදා විරුවන් සාදවා
දේශ දේශ ජන රන්ජන කරමින්
ආසිරි ලැබ නිබදේ
අප විදුහල් මව් සැරදේ..........//

හෙල ඉතිහාසේ.....................